Thursday, March 13, 2008

ප‍්‍රදේශයට අදාල විශේෂ පාරිසරික ප‍්‍රශ්න
විශාලත්වයෙන් ව. කි. මී. 30 3/4 ක් වූ මීගමුව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ භූමි ප‍්‍රමාණය හා සසඳන කල විශාල ජන සංඛ්‍යාවක් එ්කරාශි වී සිටීම නිසාත් භූගොලීය පරිසර තත්වය නිසාත් පාරිසරික ගැට`ඵ රාශියක් දක්නට ලැබේ. 1. මෙම කොට්ඨාශයේ වනාන්තර නොමැත2. මෙම කොට්ඨාශය මු`ඵමනින්ම පාහේ නාගරීක ප‍්‍රදේශයකින් සමන්විත වී ඇති බැවින් නාගරීක ඝණ ඇපද්‍රව්‍ය විධිමත් ලෙස බැහැර කිරීමේ අභියෝගයකට මුහුණ දී සිටී. 3. ජලය අපවිත‍්‍ර වීම මීගමුව කලපුව මෙන්ම ඇළ මාර්ගයන්ද මෙම අපවිත‍්‍රතාවයන්ට ගොදුරුව පවතී. බහුදින ධීවර යාත‍්‍රා ඇතු`ඵ ධීවර යාත‍්‍රා මඟින් තෙල්, කලපුවට බැහැර කිරීම, මාලූ ඔ`ඵ හා දිරාපත් නොවන පොලිතීන් වැනි අපද්‍රව්‍ය කලපුවට මුදා හැරීම හා වැසිකිළිි වලවල් සෘජුව කලපුවට හරවා තැබීම තුළින් කලපු ජලය අපවිත‍්‍ර වී ඇත. තවද කොච්චිකඬේ දක්වා දිවෙන දෙපා ඇළට හා හැමිල්ටන් ඇලට වැසිලිකි වල අපද්‍රව්‍ය හා කාණු වලින් බැහැර කරණු ලබන ද්‍රව්‍ය හරවා ඇති බැවින් එම ඇළ මාර්ග අපවිත‍්‍ර වී ඇත. සමස්ථයක් වශයෙන් ගත්කල කොට්ඨාශයේ ජල ¥ෂණයට ගොදුරු වී ඇති ස්ථාන නම්, * දෙපා ඇළ * හැමිල්ටන් ඇළ * මීගමුව කලපුව
එසේ ජලය ¥ෂණය වීමට හේතු නම් * තලා¥ව නීල් මැරින් බෝට්ටු වැඩ පොලින් එකතුවන අපද්‍රව්‍ය බැහැර කිරීම මඟින්. * බෝට්ටු ඇතු`ඵ ධීවර යාත‍්‍රා මඟින් නිකුත් වන ඞීසල් හා වෙනත් ඉන්ධන වර්ග නිසා.* ප‍්‍රධාන බස් නැවතුම් පොල ඉදිරිපිට ඇති ඇළ, අපද්‍රව්‍ය වලින් පිරීයෑම.* මීගමුව පහත්බිම් ප‍්‍රදේශයක් නිසා වැසි කාලවලදී කාණු හා ඇළවල් ඉතා ඉක්මණින් පිරී උතුරා යෑම* කොච්චිකඬේ ප‍්‍රදේශයේ හෝටල් සමීපයෙහි ඉදිකර ඇති නල ලිං වලින් බොහොමයක් වැසි කිළි ආසන්නයේම තිබීම.* කලපුව අවට නිවාස වල වැසිකිලි අපද්‍රව්‍ය කලපුවට බැහැර කිරීම තුළින්.* කලපුව ගොඩකර නිවාස ඉදිකිරීම නිසා කසළ පල් වීම ජලය බැස නොයෑම වැනි ගැට`ඵ පැන නැඟීම.*
4. මීගමුව කලපුව ආශ‍්‍රිත අනවසර පදිංචිකරුවන් නිසා කලපුවේ පාරිසරික සමතුලිතතාවයට බලපෑම් ඇති වී තිබේ. මෙම බලපෑම් අතර * කලපුවේ ඇතැම් මායිම් ගොඩකර පුද්ගලික ඉඩම් වල විශාලත්වය වැඩි කර ගැනීම.* කලපු ¥පත් ඇතු`ඵ කලපු මායිමේ ඇති කඩොලාන විනාශ කිරීම ( මස් අතු සඳහා, දර සඳහා * * දිරාපත් නොවන පොලිතින් ආදී අපද්‍රව්‍ය හා වැසිකිලි අපද්‍රව්‍ය සෘජුව කලපුවට මුදා හැරීම.* අනවසර ඉදිකිරීම් ආදිය දැක්විය හැකිය.
5. කොච්චිකඬේ ප‍්‍රදේශයේ මා ඔය ආශිතව සිදුකරනු ලබන අවිධිමත් හා අනවසර වැලි ඉවත් කිරීම නිසා ස්වාභාවික පරිසරයට මෙන්ම නිවාස, පොදු ස්ථාන, මහ මාර්ග ආදී මානව ස්ථාන වලටද හානි සිදුවී ඇත.
6. වර්ෂා කාළයේදී වෙරළබඩ හා ඇළ ආශිත ප‍්‍රදේශ ජලයෙන් යටවීම නිසා ප‍්‍රදේශවාසීන්ගේ සෞඛ්‍යය තත්වයට අහිතකර බලපෑම් සිදුවීම. ජලය ගලා නොගොස් එක්තැන්වීම නිසා මදුරුවන් බෝවීම මඟින් ඩෙංගු, බරවා වැනි රෝග බෝවීම.
පාරිසරික ගැටලූ විසඳීම සඳහා යෝජනා.
1. දෙපා ඇළ හා හැමිල්ටන් ඇළ පිරිසිඳු කිරීම හා ඇළ මාර්ග වලට යොමු වී ඇති වැසිකිලි හා කාණු මාර්ග වසා දැමීම
2. කර්මාණ්ත ආයතන වලින් ඇළ මාර්ගයන්ට අපද්‍රව්‍ය මුදා හැරීම වළක්වා ගැනීම සඳහා සුදුසු වැඩ පිළිවෙලක් අනුගමනය කිරීම.
3. මදුරු උවදුර නැතිකිරීම සඳහා බෙහෙත් ඉසීම ක‍්‍රමවත්ව කිරීම හා ගෙවත්තේ ජලය පිරෙන ටයර්, ටින්, පොල්කටු, පොල් කෝම්බ ආදියෙහි ජලය නොරැුඳීමට සුදුසු ක‍්‍රියා මාර්ගයක් යෙදීම.
4. ඝණ අපද්‍රව්‍ය විධිමත් ලෙස බැහැර කිරීම සඳහා මීගමුව මහ නගර සභාව, බස්නාහිර පලාත් ඝණ අපද්‍රව්‍ය කලමනාකරණ අධිකාරිය, වෙරළ සම්පත් කළමනාකරණ ව්‍යාපෘතිය, සෙවනත ආයතනය ආදිය සමඟ එ්කාබද්ධව නාගරික ඝණ අපද්‍රව්‍ය කලමනාකරණ සැළැස්මක් ක‍්‍රියාත්මක කිරීම.
5. වැලි ඉවත් කිරීම සඳහා නිකුත් කරණු ලබන බලපත‍්‍ර ප‍්‍රමාණය සීමා කිරීම හා අනවසර ලෙස වැලි ඉවත් කරන්නන්ට නීතිමය ක‍්‍රියා මාර්ග ගැනීම.
6. කලපුව ආශිත අනවසර පදිංචිකරුවන් ඉවත් කිරීම හා අනවසර ඉදිකිරීම් නැවැත්වීම
7. සංචාරක කර්මාන්තය ආශිතව පරිසරය ආරක්ෂා කිරීම සඳහා දැඩි නීතිමය ක‍්‍රියා මාර්ග අනුගමනය කිරීම.
8. පරිසර ආරක්ෂා කිරීමේ අගය පිළිබඳ ජනතාව දැනුවත් කිරීම.
මූලාශ‍්‍රය - මීගමුව ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පරිසර නිලධාරි මගින්.

Friday, February 22, 2008

හැඳින්වීම